- සිලුම සිසුන් පෙ.ව.7.20 ට පෙර පාසලට පැමිණිය යුතුය.
- 1 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සියලුම පිරිමි ළමුන්ගේ නිල ඇදුම නිල් කොට කලිසම, අත් කොට සුදු කමීසය හා කලු සපත්තු වලට කලු මේස් වේ.
- 10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලුම පිරිමි ළමුන්ගේ නිල ඇදුම සුදු දිග කලිසම, අත් කොට සුදු කමීසය හා කලු සපත්තු වලට කලු මේස් වේ.
- 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලුම ගැහැණු ළමුන්ගේ නිල ඇදුම සුදු ගවුම හා කලු සපත්තු වලට සුදු මේස් වේ.
- අත් ඔරලෝසු, විසිතුරු මාල, කරාඹු. කොණ්ඩ කටු ආදිය පැළදීමට අවසර දෙනු නොලැබේ.
- පිරිමු ළමුන් කොණ්ඩය කොටට කපා තිබිය යුතු අතර වැඩිහිටි සිසුන් රැවුල කපා තිබිය යුතුය.
- ගැහැණු ළමුන් කොණ්ඩය ගොතන්නේනම් කලු රිබනයක් භාවිත කළ යුතුය.
- පෙ.ව. 7.30ට පෙර සියලුම පංති කාමර හා මිදුලේ ආදාල ස්ථාන පිරිසිදු කල යුතුය.
- පෙ.ව. 7.30ට ආගමික වතාවත් සිදු කිරීම සඳහා (සඳුදා හැර)පංති රැස්වීම සිදුකරන ස්ථානයේ පේළි සැදිය යුතුය.
- සෑම සඳුදා දිනයකම ප්‍රධාන රැස්වීම සඳහා සියලුම සිසුන් පෙ.ව. 7.30ට ක්‍රීඩා පිටියේ පේළි සෑදිය යුතුය.
- පාසල ආරම්භ කිරීමෙන් පසු ප.ව. 1.30 දක්වා(විවේක කාලයේදී හැර) කිසිදු සිසුවකුට පංති කාමරයෙන් පිටතට පැමිණිය නොහැනි අතර එසේ පැමිණෙන්නේනම් ලබා දී ඇති අවසර පත ලඟ තබා ගැනීම අත්‍යවශ්‍ය වේ.
- අධ්‍යාපන කටය්‍රතු සඳහා පාසලේ වෙනත් ඒ්කකයක් වෙත ගමන් කිරීමේදී පේළියට ගමන් කළ යුතුය.
- පාසල නිම වීමේදී වාදනය කරන පළමු සීනුවේදී පාසල් කටයුතු නිම කළ යුතු අතර, දෙවන සීනුවේදී නිශ්ශබ්ද විය යුතු වේ. තෙවන සීනුවේදී ඡත්ථ මානවක ගාථ කීමෙන් පසුව පේළියට පාසලෙන් බැහැර විය යුතු.
- පාසල අවසන් වීමෙන් පසු පාසලේ රැදී සිටින්නේනම් අචාර්ය මණ්ඩලයේ ගුරු බවතෙකු සමඟ පමණත් රැදී සිටිය යුතුය.
- පාසල තුළට කිසිිිදු අවස්ථාවක ජංගම දුරකථන රැගෙන ඒමට අවසර ලබා නොදෙන අතර එසේ රැගෙන එනු ලබන දුරකථන මුරකුටියේ රඳවා තබාගනු ලබයි.
- ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පැමිණෙන සිසුන් පාසලට සුදුසු ඇදුමකින් සැරසී පැමිණිය යුතු අතර, පිරිමි ළමුන් කොණ්ඩය හා රැවුල අනිවාර්යෙන් කපා තිබිය යුතුය.
- සහකින පත්‍ර ලබා ගැනීම සඳහා බදාදා ප.ව. 1.30න් පසුව පාසලට පැමිණිය යුතුය.
- විදුහල්පතිතුමා හා ආචාර්ය මණ්ඩලය හමුවීමට ප.ව. 1.30න් පසුව පාසලට පැමිණිය යුතු අතර ඒ් සඳහා සුදුසු ඇදුමකින් සැරසී සිටිය යුතුය.
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි