![]() |
ගා/පොල්පාගොඩ දමපල් මහ විදුහල් ඉතිහාසය 19වැනි සියවසේ අගභාගය කරා දිවයන්නකි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදි පාලනයකට නතුව තිබූ එවන් යුගයක ඔබගේත් මාගෙත් පිනෙක් පහළ වූ නිවහල් චින්තනයකින් හෙබි බුද්ධිමතකු නොවන්නට අද අපට කතා කරන්නට මෙනමින් විදුහලක් දැකිය නොහැකි වනු ඇත. හෙතෙම අන් කවරෙකු නොව ක්‍රි.ව.1876 දී සිය "බංගලා වත්ත" ඉඩමේ තාවකාලික ගොඩනැගිල්ලක ළමුන් 34 දෙනෙකුගෙන් මෙම විදුහල ඇරඹු ඇලෙක්සැන්ඩර් දොන් දියස් සමරවික්‍රම යාපා මැතිතුමාය. ඒතුමාගේ වි් උනන්දුව හා ඇපකැපවීම නිසාම ක්‍රි.ව. 1882 දී මෙම විද්‍යාලය රජයේ පාඨශාලවක් බවට පත් කිරීමට හේ සමත් විය. විද්‍යාලයේ ඉදිරි ගමන කල්තියා දුටු එතුමා තමා සන්තක වූ බිම් කඩක් විදුහල සඳහා පරිත්‍යාග කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම භූමි භාගයට විද්‍යාලය රැගෙන ඒ්මේ සංසිද්ධිය ඉතිහාසයේ සනිටුහන් විය. ඒ් ක්‍රි.ව. 1892 වර්ෂයේදීය. රජයෙන් පත් කළ පළමු නිළ ගුරුතුමා වූ හෙට්ටිහේවා මැතිඳුන්ගේ මූලිකත්වයෙන් පළමු ගොඩනැගිල්ලට මුල්ගල් තැබීම ඒහි ආරම්භය විය.
