ගා/පොල්පාගොඩ ධම්පල් මහ විදුහල් ඉතිහාසය 19වැනි සියවසේ අගභාගය කරා දිවයන්නකි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදි පාලනයකට නතුව තිබූ එවන් යුගයක ඔබගේත් මාගෙත් පිනෙක් පහළ වූ නිවහල් චින්තනයකින් හෙබි බුද්ධිමතකු නොවන්නට අද අපට කතා කරන්නට මෙනමින් විදුහලක් දැකිය නොහැකි වනු ඇත. හෙතෙම අන් කවරෙකු නොව ක්‍රි.ව.1876 දී සිය "බංගලා වත්ත" ඉඩමේ තාවකාලික ගොඩනැගිල්ලක ළමුන් 34 දෙනෙකුගෙන් මෙම විදුහල ඇරඹු ඇලෙක්සැන්ඩර් දොන් දියස් සමරවික්‍රම යාපා මැතිතුමාය. ඒතුමාගේ වි් උනන්දුව හා ඇපකැපවීම නිසාම ක්‍රි.ව. 1882 දී මෙම විද්‍යාලය රජයේ පාඨශාලවක් බවට පත් කිරීමට හේ සමත් විය. විද්‍යාලයේ ඉදිරි ගමන කල්තියා දුටු එතුමා තමා සන්තක වූ බිම් කඩක් විදුහල සඳහා පරිත්‍යාග කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම භූමි භාගයට විද්‍යාලය රැගෙන ඒ්මේ සංසිද්ධිය ඉතිහාසයේ සනිටුහන් විය. ඒ් ක්‍රි.ව. 1892 වර්ෂයේදීය. රජයෙන් පත් කළ පළමු නිළ ගුරුතුමා වූ හෙට්ටිහේවා මැතිඳුන්ගේ මූලිකත්වයෙන් පළමු ගොඩනැගිල්ලට මුල්ගල් තැබීම ඒහි ආරම්භය විය. වර්තමානයේ මෙම ගොඩනැගිල්ල "සමරවික්‍රම ශාලාව "ලෙස හඳුනවනුයේ විද්‍යාලයේ නිර්මාර්‍තෘවරයාණාන්ට කෘතගුණ දැක්වීම සඳහාය
ක්‍රි.ව.1920 වන විට විද්‍යාලයට පළමු නම් තැබීම සිදු විය. එතැන් පටන් එය ගා/පොල්පාගොඩ මිශ්‍ර පාඨශාලාව නම් විය. ගුරු භවතුන් දෙදෙනෙකු යටතේ සිසු සිසුවියන් 130ක් අකුරු කළ ගා/පොල්පාගොඩ මිශ්‍ර පිඨශාලාවේ විදුහල්පති ධූරය එසවුයේ එල්.එම්.ඊ.සිල්වා මැතිතුමා .130 වන විට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 155 ක් දක්වාද ගුරුමණ්ඩලය 5ක් දක්වාද වර්ධනය වීම අනාගත සුබ පෙර නිමිති කියාපාන්නක් විය. එය සැබෑවක් කරමින් ක්‍රි.ව.1935 වසරේදී පළමුවරට ජේෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයට ළමුන් ඉදිරිපත් කිරීම ිවිදුහල් වංශ කථාවේ තීරණාත්මක සැතපුම් කණුවකි.
පාසැලේ ඉදිරි ගමන වේගවත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස 1948 වන විට පළමු ශාලාවේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීය. ඒ නිසා පාසැල දෙවරු පැවැත්වීමට තීරණය කරන ලදී. 1948 නිදහස් ආශ්වාදය සමගින් වර්ථමාන ප්‍රධාන ශාලාව සඳහා භූමිය සකස් කිරීමේ මුල් පියවර ඇරඹුනි. මේ කාලය තුළදීම ගුරු විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා සිසුන් ඉදිරිපත් කිරීම සුවිශේෂි සංධිස්ථානයක් විය. 1955 දී විදුහල් පරිපාලනය සාධනීය වෙනසකට භාජනය විය. ඒ් විදුහල් කටයූතු ප්‍රාථමික හා පශ්චාත් ප්‍රාථමික වශයෙන් බෙදා පාලනවය කිරීමය. 1956 වර්ෂයේදී ප්‍රධාන ශාලාවේ ඉදිකිරීම් නිම විය. 1957 වසර වන විට 600 ක වූ සිසු පිරිසක් සහිත, 19 දෙනෙකුගෙන් යුත් ඇදුරු මණ්ඩලයකින් හෙබි මෙම විදුහල ළදරු විය පසු කොට යෙවුන් අවධියට පත්ව තිබුනි.
විද්‍යාලයට 1958 වසර උදා වූයේ සිය වංශ කථාවේ රන් අකුරින් ලියැවෙන සංසිද්ධි මාළාවක් රැගෙනය. මෙම විදුහල උසස් පාඨශාලාවක් හෙවත් මහා විද්‍යාලයක් ලෙස අභිෂේක ලැබීමත්, විශ්ව විද්‍යාල ප්‍රවේශ පන්තියක් ඇරඹීමත් මින් ප්‍රධාන තැනක් ගනී. 1958 මාර්තුවේදී අවට බිම් කට්ටි 4ක් විද්‍යාලයට පවරා ගැනීමත්, දැනට ක්‍රීඩා පිටිය පවතින අක්කර භාගයක භූමිය සෝමපාල ඩයස් සමරවික්‍රම යාපා මහතා විසින් පරිත්‍යාගයක් ලෙස පවරනු ලැබීමත් හේතුවෙන් විද්‍යාලයට හිමි මුළු වපසරිය අක්කර 7ක් දක්වා වැඩි විය.
1975 වසරද ඉතිහාසයේ නොමැකෙන සටහන් තැබූ වසරකි. ඒ වත්මක් විද්‍යාගාරය, ගෘහ විද්‍යෘගාරය, කාර්යාලය විද්‍යාලීය සම්පත් අතරට එක් වීමයි. මේ අතර මෙතෙක් විද්‍යාලයට අඩුවක්ව පැවතුණූ බුදුමැදුර 1985 දී විවෘත කිරීමද සඳහන් කළ යුතුය.
මෙ ඇසුරින් කෙමෙන කෙමෙන් දියුණුවේ මාවත ඔස්සේ පියනැගූ ගා/පොල්පාගොඩ ධර්මපාල මහා විද්‍යාලය නම් වූ අප පාසැල් මාතාව, ප්‍රදේශයේ සිප් සතරින් හා ගුණ නුවනින් හෙබි දහස් සංඛ්‍ාත දූ පුතුන් හට මාතාවක් වීමට පින් මහිමය ලද්දාය. ඒ අකර පරිපාලන නිළ දරුවන්, නිතිවේදීන. ඉංජිනේරුන්. වෙදැදුරන් ආදී නානාවිධ තරා තීරම්වල නානාවිධ නිළ තල දරන්නෝ අල්ප නොවෙති
|
ආරම්භ කළ වර්ෂය |
1876 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
34 |
|
මුල් ගුරුතුමාගේ නම |
ඇලෙක්සැන්ඩර් දොන් දියස් සමරවික්‍රම මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ඇලෙක්සැන්ඩර් දොන් දියස් සමරවික්‍රම මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
පොල්පාගොඩ ධර්මපාල විද්‍යාලය |
|
පාසල රජයට පවරාගත් දිනය |
1882 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
ගාලු දිස්ත්‍රික්කයේ, යක්කලමුල්ල ප්‍රාදේශිය ලේකම් කෝසයේ, පොල්පාගොඩ ග්‍රාමයේ, "බංගලා වත්ත" ඉඩමේ පිහිටි ගොඩනැගිල්ලේ |
{QF3=5}